මගේ තෝමස්,
අසු පිට නැගී ඔබ එන විට මට දැනුනේ බියක් ය. මා රඟන විලාසය ඔබ බලා සහ සිටින විට මට දැනුනේ සතුටක් ය. ඔබ වැනි අයෙක් මා අගයන විට දැනුනේ ආඩම්බරයක්ය.
කුලවතුන්ගේ නින්දා මැද ඔබ මට මෙතරම් ප්රිය වූයේ කෙසේදැයි නොදනී මම. කුල හීන මා ඔබෙන් ඉවතට යාමට නිතර වෙර දැරුවද එය එසේ කළ නොහැකි වූයේ මගේ හිත පුරා ඔබ සිටි බැවින්ය.
නෙරපූ සේවයෙන් ඔබට යාමට සිදුවෙයි නැවත මව් රටට. ඔබ පැවසුවද සයුරෙන් එතෙරට කෙසේ නම් එන්නද මම? ගැරහුම් වදිවී අප දෙදෙනාටම.
සමූදෙන්නම් ඔබ හට මම ලය පැලී යන සෙනෙහස කැටි කොට. අවසන් වරට ඔබ දැක, සයුර සිප ගන්නම් මම ඔබ නැතුව ඔබ එක්ක. නැවතීමට පෙර යමක් පැවසීමට ඇත මට. ආදරෙයි කලු ලොවීනා සුදු තෝමස්ට.