පිය රැකවරණය මැද
ආල සෙනෙහස ලබමින
හැදී වැඩුනා යහපත් ලෙසට....
මව් සෙනෙහෙ නොදත් ඈ
පැතුවෙ පිය සෙනෙහස
කිසි කලෙක කිසිවිට
බැනුම් නොඅසයි හුරතලයට....
දිනක් රැ බෝ වී පියා
ගිනි වතුර බොයි යහළුවන් සමගින
කෑම සිර වූ පිය හට දියණිය
කඩිනමින් වතුර ගෙන යයි ගිනි සබයට....
දියණියද රූමත්ය
හුරතලයද ඒ සමය
සැවොම එක සේ ආදරය ඈ හට
එහෙයින් ඇයව
පිටමං කරයි ගිනි සබයින....
හදිසි වූ ඇය
නික්ම යන්නට
හැරෙයි එක විට
ඈගේ අත ගැටී
මේසේ මත තිබු බෝතලය ඇද වැටී
ගලයි ගිනි වතුර එලියට....
බීමත්ව වෙරි මතින් වූ පියා
කෝපවී එක විටම
කිසි කලක නොවූ ලෙස
පහර දෙයි ඇගේ සියුමැලි කම්මුලට....
ඈ සිතා සිටි ලෙසට
පියා දඩුවම් නොදෙයි ඈ හට කිසි කලෙක
බිද වැටුන සිත ගොඩනගන්නට
වෙරදරයි මුලු රෑම....
වෙරි හිදුනු පසු පියා
පසුදා උදෑසන අවදිව
තමබ හුරතලිය බලන්නට
පිය නගයි දූ සිටින කාබරයට....
පියාගේ නෙත ගැටුන මහත් වූ ඛේදයකි
ඇස් දෙකම උඩ ගොස්
කටද බාගෙට ඇරුණ
සීතලව ගොස් බිම උන්ණු
දියණිය ගෙන රෝහල වෙත යයි හඔා....
රෝහලට යාමෙන්ද
පලක් නැත කොහොමත්ම
ඒ වන විටත් ඇය
මෙලොවින්ම සමුගෙන තිබිණ....
පියා දුන් පහරට
බිද වැටුණ සිත
ගොඩනගන්නට යලි බැරි වූ තැන
හදවත් රෝගීන් හට
දෙන පෙති එක හුස්මට ගිල
ජීවිතය සමුගනි ඇය
සසල කරමින් මනු සිත....
No comments:
Post a Comment