Wednesday 31 May 2023

අලුත් ගුරා

                                           

               

ක්තරා දිනයක
පාසල අසල පොත් කඩයක
මහ වැස්සකට
කුඩයක් නොමැති මා කොටු විය....
කුඩයක් අතින් ගත් 
ඉහ නිකට පැහුණු පුද්ගලයෙක්
පාසලට යාමට
උදව් විය මා හට....
නම,වයස,පන්තිය,ගම
විමසුවද ඔහු මගේ
මා නැත කිසිවක් ඔහුගෙන් විමසුවේ....
දෙවන කාලච්චේදයේ
අලුත් ගුරුවරයෙක් වීය සිංහල විශයට
හුරු පුරුදු මුහුණක්
පන්තිය ඉදිරිපිට
සුළු මොහොතකට  පෙර
පාසලට ඒමට
උදව් කළ තැනැත්තා
වෙයි මා ඉදිරිපිට
ආයුබෝවන් සර්....!
ඔහු අපේ අලුත් සිංහල ගුරු විය....


1 comment:

ඇයත් මවකි

  ගී කියමින් තාලයකට නොවන්නට බැරි වුනාට දෑතට හොද හැටි වෙර ගනිමින් සිය දරුවව වැලඳ ගනි තදට.... රසමුසු ආහාර පාන හොදට කවා පෙවීමට නොහැකි නමුත් ඇති...