අංකුරයකි ගෙනැවිත් නුඹ
පෝච්චියක සිටුවන විට
කෘමි සතූන් වැනි සතුරන්
හානි කරයි කියා බියට
දිවා රැයේ නිදි වරමින්
වැටක් වුණා අපි නුඹ වට....
අපේ පැතුම කැකුලක් වී
පිපුණා රහසින් හෙමිහිට
පතුරවමින් සුවඳ අවට
එළිය කලා අපෙ නිවසම....
දෙබරුන් බඹරුන් විලසින්
කැරකෙයි පදවැල් ගොතමින්
තලා පෙලා වනසන්නට
ඉඩදෙනු බෑ පිපුණු මලට
පතුරවමින් සුවඳ ලොවට
පරවෙනතුරු යම් දිනයක ....
No comments:
Post a Comment