Tuesday 20 June 2023

සසර කතර



නිමක් නැති මේ සසර කතරේ

හමුවුණා දස දහස් වර අප නිබදේ 

කොහේ කොතන යන මඟ නොමගේ

තව තවත් ඇවිදිය යුතුද මේ සසරේ....


හෙළ බුදුවරුන් පහළ වු මේ මහ පොළොවේ

උපත ලද ඔබ මා පෙර පින මෝදුව සසරේ

කිමද සැරිසරන්නේ මේ ඝෝර සසරේ

නිවන් දොරටුව විවර වී ඇති විටත් සබඳේ....


සත්‍ය වූ දහම ගැටුනාම ඔබ සවනේ

ඇවිලුනා වූ සංසාර ගති නිව් නිව් යයි ක්ෂනයේ

නැවත නූපදින්නට තිස් එක් තලයේ 

නිවන් යමු අපි දැන් දැන්ම හනිකේ....🙏

1 comment:

ඇයත් මවකි

  ගී කියමින් තාලයකට නොවන්නට බැරි වුනාට දෑතට හොද හැටි වෙර ගනිමින් සිය දරුවව වැලඳ ගනි තදට.... රසමුසු ආහාර පාන හොදට කවා පෙවීමට නොහැකි නමුත් ඇති...